
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඔහු ඝාතනය කිරීමට තැත්කළේ යැයි, චෝදනා කරමින් විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අගෝස්තු මස 04 වැනිදා යළි සිදුකිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (16) නියම කළේය.
නඩුව කැඳවනු ලැබුවේ, කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේදීය.
නඩුව කැඳවූ අවස්ථාවේ සාක්ෂි දීමට නියමිතව සිටි සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙනීනොසිටීම හේතුවෙන් නඩුවේ සාක්ෂි විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලී කරුණානායක අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරිය නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 04 වැනිදා දක්වා කල්තැබීමට නියම කළාය.
2006 වසරේ අප්‍රේල් මස 25 වැනිදා කොළඹ යුධ හමුදා මූලස්ථානය තුළදී එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාරය හරහා, ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම ඇතුළු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි යටතේ විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව චෝදනා 27 ක් මත නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart