
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව හොඳම පිතිකරු බවට පත්වීම සිය බලාපොරොත්තුව බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පවසයි.
ඇෆ්ගනිස්ථානයට එරෙහි තුන්වැනි තරගය කඩුලු 07කින් ඊයේ ජයගැනිමේන් අනතුරුව පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මාධ්‍ය හමුවේදි ඔහු මේ බව ප්‍රකාශ කළේය.
තමන් වැඩි කැමත්තක් ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වන බැවින් අවස්ථාවක් ලද විගස උපරිමයෙන් ක්‍රීඩා කරන බවද පැතුම් නිශ්ශංක එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගාවලියේ වීරයා සම්මාන ජයගත් පැතුම්ට තුන්වැනි එක්දින තරගයේ වීරයා සම්මානය ද හිමි විය.
මෙම තරගාවලියේදි සුවිශේෂී ඉනිමක් දියත් කළ පැතුම් නිශ්ශංක අන්තර්ජාතික එක්දින පිටියේ ද්විත්ව ශතකයක් (210*)රැස්කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරු බවට ද පත්වූයේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart