
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ආරම්භක වටයේ තරගයක් අතරතුර රුසියාවේ ඩැනියෙල් මෙඩ්විඩෙව් කලහකාරී ලෙස හැසිරෙමින් ටෙනිස් දැලේ සවිකර තිබූ කැමරාවකට පහරදීම ලොවපුරා අවධානය යොමුවී තිබේ.
දැලට සවි කර තිබූ කැමරාව ඔහු විසින් ටෙනිස් පිත්තෙන් ගසා කඩා බිඳ දැමීම සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස සංසරණය වෙමින් තිබේ.
රුසියාවේ ඩැනියෙල් මෙඩ්විඩෙව් ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක 5 ස්ථානයේ සිටින අතර ඔහුගේ මෙම ආවේගශීලි හැසිරීම දක්නට ලැබුණේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 418 වැනි ස්ථානයේ සිටින තායිලන්තයේ කසිඩිට් සම්රෙජ් සමග තරග වට 5කින් යුතු තරගයේ තුන්වැනි වටය වනවිට සම්රෙජ් තරගයේ 2-1 ලෙස පෙරමුණ ගැනීමත් සමගය.
කෙසේවෙතත් අවසානයේ තරගය 6-2, 4-6, 3-6, 6-1, 6-2 ලෙස ඩැනියෙල් මෙඩ්විඩෙව් ජය ලැබීය.
ඩැනියෙල් මෙඩ්විඩෙව්ගේ පහරක් දැලෙහි වැදීමත් සමග සම්රෙජ් දෙසට පෙරළුණු වාසනාවෙන් මෙඩ්විඩෙව්ට දිශාව වෙනස් කර පන්දුව සඳහා වේගයෙන් දිව යෑමට සිදුවිය.
ඔහු නියමිත වේලාවට පන්දුවට පැමිණියද සමබරතාව නැති වීම නිසා, සම්රෙජ්ගේ ජයග්‍රාහණය සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි විය.
සම්රේජ් තමන්ට වාසනාව ගෙනා පහරට සමාව අයැද සිටියදීම මෙඩ්විඩෙව් දැල මැද ස්ථානගත කර තිබූ කුඩා කැමරාවකට සිය පිත්තෙන්පහරදීමට පටන් ගත්තේය.
තරග විනිසුරු ඔහුට ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් ද සිදු කළේය.
මෙම තරඟාවලිය සම්රේජ්ගේ දිවියේ සුවිශේෂී එකක් වන අතර ඔහුගේ මංගල ග්‍රෑන්ඩ් ස්ලෑම් ඉසව්වේදී සිය වෘත්තීය ජීවිතයේ විශාලතම ජයග්‍රහණයට පියවරක් සමීප වීමත් සමඟ 2021 එක්සත් ජනපද විවෘත ශූරයා වන ඩැනියෙල් මෙඩ්විඩෙව් තුනවැනි තරගය පරාජයට පත් විය.
කෙසේවෙතත්, 23 හැවිරිදි මෙඩ්විඩෙව් නැවත සන්සුන්ව තරග වැද තරගය 3-2ක් ලෙස ජය වාර්තා කළේය.
තරගයෙන් පසු සම්මුඛ සාකච්ඡාවේදී මෙඩ්විඩෙව් සිය ආවේගශීලී හැසිරීම ගැන සඳහන් කළේ නැත.
ඒ වෙනුවට, ඔහු තම ප්‍රතිවාදියාගේ දක්ෂතා ගැන කොතරම් පුදුමයට පත් වූයේද යන්න කියා සිටියේය.
“ඔහු සෑම තරඟයක්ම මේ ආකාරයෙන් ක්‍රීඩා කරන්නේ නම්, ඔහුගේ අනාගතය හොඳ වෙන්න පුළුවන් – මුදල්, ගැහැණු ළමයි, කැසිනෝ, ඕනෑම දෙයක් පුළුවන් ,” යැයි ඔහු විහිළු කළේය.
“හැම තරගයකම මේ විදියට ක්‍රීඩා කරන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.”යනුවෙන් ද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart