
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාල වනෝද්‍යානයේ ඉදිකර ඇති භෝජනාගාරය සඳහා ටෙන්ඩර් කැඳවීමට සූදානම් බවත්, ඉන්පසු මාස දෙකක් පමණ ඇතුළත එය විවෘත කිරීමට හැකිවනු ඇති බවත්, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැති පවිත්‍රා වන්නිආරච්චි අද (10) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.
මෙම භෝජනාගාරය විශාල මුදලක් යොදවා ඉදිකර ඇතත්, සාමාන්‍ය ජනතාවට ගොස් එහි ආහාර ලබාගැනීමට හැකිවන පරිදි පහසුකම් සකස් කිරීමට තමන් අමාත්‍යංශ නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද ඇය පැවසුවාය.
විදේශිකයන් කැමැති ආකාරයේ අවන්හලක් ද (Coffee Shop) මෙහි ඉදිකිරීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරිය සඳහන් කළාය.
යාල භෝජනාගාරය විවෘත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරිය මෙම අදහස් පළකළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart