
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශීය මත්පැන් නිෂ්පාදන සඳහා යොදන නව ආරක්ෂිත ස්ටිකර් සහ ඒවා නිරීක්ෂණය කිරීමේ පද්ධතිය සඳහා වන ටෙන්ඩර් ලංසු භාරගැනීමේ අවසන් දිනය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නැවත වරක් කල් දමා තිබේ.
මීට පෙර සැප්තැම්බර් 1 සිට සැප්තැම්බර් 22 දක්වා කල් දැමූ අවසන් දිනය, මේ වන විට 2026 ඔක්තෝබර් 06 දක්වා දීර්ඝ කර ඇත.
2019 සිට Madras Security Printers සමාගම විසින් පවත්වාගෙන ගිය පද්ධතිය වෙනුවට වසර 5ක කාලසීමාවක් සඳහා මෙම නව Build-Own-Operate පදනමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට නියමිතය.
මුල් ටෙන්ඩර් කොන්දේසිවල අල්ලස් සහ දූෂණ වැළැක්වීම සඳහා වන ISO 37001 සහතිකය අනිවාර්ය කර තිබුණද, නවතම දැන්වීම ඔස්සේ එය අනිවාර්ය සුදුසුකම් අතරින් ඉවත් කර තිබේ.
ඒ වෙනුවට එම සහතිකය සහිත ලංසුකරුවන්ට තාක්ෂණික ඇගයීමේදී අතිරේක ලකුණු ලබාදීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකාව තුළ ISO 37001 සහතිකය හිමිව ඇත්තේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ එක් ආයතනයකට පමණි.
අලුත් නියමයන්ට අනුව ලංසුකරුවන්ට ISO 9001, ISO 14298/HSSMS, ISO 27001, IOTA සහ ITSA යන අන්තර්ජාතික සහතික පැවතීම ප්‍රමාණවත් වේ.
වත්මන් ස්ටිකර් කොන්ත්‍රාත්තුව 2027 ජනවාරි මාසයෙන් අවසන් වේ.
මත්පැන් බෝතලයක ඇති ස්ටිකරය මගින් නිෂ්පාදකයා, ප්‍රමාණය සහ බදු ගෙවා ඇත්දැයි සුරාබදු නිලධාරීන්ට පරීක්ෂා කළ හැක.
කෙසේ වෙතත්, සැබෑ සහ නීත්‍යනුකූල ස්ටිකර් යොදා සකස් කළ හොර මත්පැන් වෙළඳපොළෙන් නිතර හමුවීම නිසා රජයට හිමිවිය යුතු විශාල සුරාබදු ආදායමක් අහිමි වෙමින් පවතින බව හෙළිවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart