
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ආසන්නයට පැමිණෙමින්, ඉතිහාසයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්ව සීමාවන්ට ආසන්න වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පවසයි.
ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය ලෙස සටහන් වන්නේ 1983 අප්‍රේල් මාසයේදී වවුනියාවෙන් වාර්තා වූ සෙල්සියස් අංශක 40.1 ක අගය බව ද ඔහු සඳහන් කළේය.
පොතුවිල් ප්‍රදේශයෙන් පසුගියදා සෙල්සියස් අංශක 39.9 ක උෂ්ණත්වයක් වාර්තා වූ අතර, එය එතෙක් මෙතෙක් තැබූ සර්වකාලීන වාර්තාවට වඩා සෙල්සියස් අංශක 0.2 ක් පමණක් අඩුවීම විශේෂත්වයකි. එමෙන්ම පොළොන්නරුව ප්‍රදේශයේ උෂ්ණත්වය ද සෙල්සියස් අංශක 37 ඉක්මවා ඉහළ ගොස් ඇත.
“මේ අගයන් සෙල්සියස් අංශක 40 සීමාවට ඉතා ආසන්න වෙනවා,” යනුවෙන් පැවසූ මලිත් ප්‍රනාන්දු ඉදිරියේදී 1983 තැබූ එම දීර්ඝකාලීන වාර්තාව පවා ඉහළ යාමේ හැකියාවක් පවතින බව පෙන්වා දුන්නේය.
වර්ෂාපතන පුරෝකථනයන් පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අගෝස්තු මාසයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සාමාන්‍ය මට්ටමට වඩා අඩු වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. නිරිතදිග ප්‍රදේශවලට සාමාන්‍ය මට්ටමේ වර්ෂාපතනයක් ලැබිය හැකි වුවද, අනෙකුත් ප්‍රදේශවලට ලැබෙනු ඇත්තේ සාමාන්‍ය අගයට වඩා අඩු වර්ෂාපතනයකි.
කෙසේ වෙතත්, ඔක්තෝබර් මාසය වන විට මෙම තත්ත්වය වෙනස් විය හැකි අතර, දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි පුරෝකථනය කර ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකාව ඉදිරියේදී නියඟයකට හෝ ගංවතුර තත්ත්වයකට මුහුණ දෙන්නේද යන්න පිළිබඳව සෘජු පිළිතුරක් ලබාදීම දුෂ්කර බව පැවසූ ඔහු, වෙනස් වන කාලගුණික තත්ත්වයන් හේතුවෙන් යම් යම් කාලපරිච්ඡේදයන්හිදී නියඟ ඇතිවීමේ හැකියාව මෙන්ම තවත් කාලපරිච්ඡේදයන්හිදී ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ යන බවද පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාව ස්වාධීනව ‘එල් නිනෝ’ තත්ත්වයන් පිළිබඳ පුරෝකථනය කිරීමක් හෝ නිරීක්ෂණය කිරීමක් සිදු නොකරන බවද ඔහු මෙහිදී තහවුරු කළේය.
එමෙන්ම මලිත් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ, ගෝලීය එල් නිනෝ පුරෝකථනයන් ජාත්‍යන්තර ආයතන කිහිපයක් විසින් සිදු කරන අතර, ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යාඥයන් එම දත්ත සහ දේශීය ඉතිහාසගත කාලගුණ දත්ත එක්ව විශ්ලේෂණය කරමින් රටට සිදුවිය හැකි බලපෑම තක්සේරු කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart