
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය විසින් පැනවූ ඉහළ බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමෙරිකාවට ගොස් සිටින නියෝජිතයින් සහ එරට නියෝජිතයන් අතර පැවැති සාකච්ඡා සාර්ථක බවට ආණ්ඩුව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
ජනමාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ආණ්ඩුව පවසන පරිදි එම සාකච්ඡා සාර්ථක වූයේ නම් තමන් ඒ පිළිබඳ ඉතා සතුටට පත්වන බවයි.
එමෙන්ම එලෙස සාර්ථක වූ සාකච්ඡාවේ කරුණු මොනවාද යන්න ප්‍රසිද්ධ කිරීමට ද රජය කටයුතු කළ යුතු බව ද් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එහෙත් තමන් දැනුවත් පරිදි මේ දක්වා ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගිකව එකඟතා ඉදිරිපත් වී නොමැති බවත්, මෙය දිනකට දෙකකට බලපාන ගැටළුවක් නොවන බැවින් අවතක්සේරුවෙන් කටයුතු නොකළ යුතු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මේ මොහොතේ වැදගත් වන්නේ අමෙරිකාවට සිදුකරන අපනයන ආරක්ෂා කර ගැනීම බැවින් ඍජු සාකච්ඡාවකට එක්වී අමෙරිකාවෙන් ආයොජකයින් ගෙන්වා ගෙන මෙරට අපනයන ශක්තිමත් කර ගත යුතු බව ද මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේ ඒ සඳහා රජය නිර්මාණශීලී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart