May 9, 2025

කොටහේන ප්‍රදේශයේ පාසල් සිසුවියකට අතවර කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ, පොලිස් බී වාර්තාවක් ලැබීමෙන් පසුවය.

සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ද පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.