
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බියගම ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් ගුරුවරයකු ඇතුළු යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.
පෙබරවාරි 4 වන දින බියගම සියඹලාපේ ප්‍රදේශයේ විහාරස්ථානයක් අසලදී සැකකරුවන් විසින් අදාළ නියෝජ්‍ය විදුහල්පතිවරයා බලහත්කාරයෙන් ජීප් රථයකට නංවාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
පසුව ඔවුන් නියෝජ්‍ය විදුහල්පතිවරයාව පහරදීම සිදුකළ නිවසකට රැගෙන ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 සහ 32 ක් වන මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇත.
විමර්ශනයෙන් හෙළි වී ඇත්තේ වින්දිතයා නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු වන අතර, සැකකරුවන්ගෙන් එක් අයකු ඔහු සේවය කරන පාසලේම ගුරුවරයකු බවයි.
දෙපාර්ශවයන් අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවති ආරවුලක් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුවී ඇති බවයි පොලිසිය පැවසයි.
බියගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart