
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරියේදී විද්‍යාපීඨ ගුරුවන් බඳවාගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්‍යාපීඨවලට නොව, සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසා ස්ථාපනය කරනු ලබන විශ්වවිද්‍යාලයකට බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
ඒ අනුව මේ වන විට පවතින විද්‍යාපීඨ 19ම ඉදිරියේ දී ගුරුවරුන් බිහි කරන විශ්වවිද්‍යාලයක් හා ඊට අදාළ පීඨ බවටපත් කෙරෙනු ඇත.
එම ආයතන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම සහිතව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේම එය තබාගන්නා බව ද අමාත්‍යවරයා පැවසී ය.
වෙනත් විශ්වවිද්‍යාලවල මෙන් මෙම ආයතන තුළ වෘත්තීය සංගම් නිර්මාණය කරගැනීමට අවසරයක් නොලැබෙන බවත්, ඊට හේතුව මෙම විශ්විද්‍යාලය මගින් බිහි කරන්නේ ගුරුවරුන් නිසා බවත් ඔහු පැවසීය.
විනයක් සහිත පිරිසක් මෙම සරසවියෙන් බිහි කිරීම මුලික අවශ්‍යතාවක් බවත්, උපාධිධාරී ගුරුවරයකු මෙමගින් බිහිවන බවත් ඇමැතිවරයා අවධාරණය කළේ වයඹ පලාතේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට අද (11) හලාවත සුදසුන රංග ශාලාවේ දී එක්වෙමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart