
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තරුණයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ජනප්රිය උපකාරක පන්ති ගුරුවරියක වන හයේෂිකා ප්රනාන්දුට මීගමුව මහේස්ත්රාත් අධිකරණය අද ඇප නියම කර තිබේ.
කටාන පොලිසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගත් ඇයගේ සැමියා සහ කළමනාකරු ඇතුළු තවත් තිදෙනෙකුට ද අද ඇප හිමිවිය.
මෙම සිද්ධියෙන් පසු හයේෂිකා ප්රනාන්දු දින කිහිපයක සිට සැඟවී සිටි අතර ඇයගේ නීතීඥ කණ්ඩායම හරහා අද අධිකරණයට භාර වූ බව වාර්තා වේ.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු ද අද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
සැකකරුවන් අද අධිකරණයට පැමිණීමත් සමඟ පහරකෑමට ලක්වූ තරුණයාගේ ඥාතීන් සහ හිතවතුන් අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවක් ද පවත්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart