
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
12 හැවිරිදි පිරිමි සිසුවකු දූෂණය කළ බවට ටෙනසිහි සිව්වන ශ්‍රේණියේ ඉංග්‍රීසි සහ සමාජ අධ්‍යයන ගුරුවරියකට චෝදනා එල්ල වී ඇත.
දෙදරු මවක් වන ඇලිසා මැක්කොමන් (38) සිකුරාදා කොවිංටන් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඇගේ නිවසින් පිටතදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය ඩොලර් 25,000 ක බැඳුම්කරයක් මත රඳවා ඇත.
චාජර් ඇකඩමියේ ඉගැන්වූ ප්‍රාථමික පාසල් ගුරුවරියට, 2021 දී ඇගේ හිටපු ශිෂ්‍යයකු සමඟ ලිංගික සම්බන්ධයක් පැවැත්වූ බවට චෝදනා එල්ල වී තිබේ.
එම ක්‍රියාව සිදුව ඇත්තේ ඇගේ නිවසේදී බව පැවැසේ. ඒ වන විට දරුවාගේ වයස අවුරුදු 12 ක් පමණක් වූ බව කොවින්ග්ටන් පොලිස් ප්‍රධානී ඩොනා ටර්නර් ජනමාධ්‍ය වෙත පවසා ඇත.
මැක්කොමන්ගේ විෂමාචාරය පිළිබඳව පාසලට දැනගන්නට ලැබී ඇත්තේ දෙමාපියන් විසින් පාසලට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ඇය ඔවුන්ට තවත් සිසුන් පිරිසකට අසභ්‍ය පින්තූර යවා තමන් සමඟ ලිංගිකව එක්වන ලෙස ඉල්ලා සිටීමත් සමඟ මෙම පැමිණිලි ඉදිරිපත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart