
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නොගෙවා පැහැරහැරියේ යැයි කියන රුපියල් කෝටි 135ක බදු මුදල මාසයක් ඇතුළත ගෙවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් පවිත්රා සංජීවනි පතිරාජ කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමට අද (10) නියෝග කළාය.
2012 – 2015 අතර කාලය තුළදී රජයට ගෙවිය යුතු ආදායම් බදු, වැට් බදු හා දේශය ගොඩනැගීමේ බදු රුපියල් 1,358,773,144.00ක් නොගෙවා පැහැරහැරීයේ යැයි පවසමින් කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් සමාගමට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළාය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී කඩුවෙල, කරතොට රන්දෙණිගල ඩිස්ටිලරීස් සමාගමේ අධ්යක්ෂ පියුමි විජේවික්රම අධිකරණයේ පෙනීසිටියාය.
සරත් කුමාර විජේවික්රම,බුද්ධිකා විජේවික්රම හා තවත් අධ්යක්ෂවරියක වගඋත්තරකරුවන් කරමින් මෙම නඩුව පවරා තිබිණි.
මෙම නඩුව පසුගිය වසරේ ගොනුකරන ලද අතර පැමිණිල්ල විභාග කළ කොළඹ අතිරේක මහේස්ත්රාත් බණ්ඩාර ඊළංඟසිංහ සිය නියෝගය ප්රකාශයට පත්කරමින් තීන්දු කර ඇත්තේ, වගඋත්තරකාර සමාගම මෙම හිඟ බදු මුදල් රජයට ගෙවිය යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart