
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කර තිබේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අයගේ ප්‍රධානත්වයෙන් ඇති අදායම් එකතු කිරීමේ අංශය මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
ඒ අනුව සියලුම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට කැඳවා ඔවුන්ට බදු ලිපිගොනු සකස් කිරීම සිදුකරනු ලබයි.
දෙසැම්බර් 01 වැනිදාට පෙර මෙම බදු ලිපිගොනු පුරවා අවසන් කරන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.
මෙතෙක් බදු ලිපිගොනු විවෘත කර නොතිබූ මන්ත්‍රීවරුන් තිස්දෙනකුට පමණ මෙම වැඩසටහන යටතේ අලුතින් බදු ලිපිගොනු විවෘත කර තිබෙන බව පාර්ලිමේන්තු ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
එමෙන්ම මේ වනවිටත් බදු ලිපිගොනු පවත්වාගෙන යන අය ඔවුන්ට පවතින ප්‍රශ්න ඉදිරිපත් කර ඒවා නිරාකරණය කරගෙන ඇත.
ආණ්ඩු පක්ෂ සියලු මන්ත්‍රීවරුන් නිසි පරිදි වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම සහ බදු ලිපිගොනුවක් නඩත්තු කිරීම මෙම වැඩසටහනේ බලාපොරොත්තුව බව ද පාර්ලිමේන්තු ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
මෙම ක්‍රමය මඟින් සියලු මන්ත්‍රීවරුන්ගේ සැබෑ අදායම් හෙළිදරව් වන අතර, ඔවුන් නිසි පරිදි අදායම් බදු ගෙවන පුරවැසියන් බවට පත්කිරීමට හැකිවනු ඇතැයි ද එම කාර්යාලය පවසයි.
මන්ත්‍රීවරුන් බදු නොගෙවන පිරිසක් බවට සමාජයෙන් ද චෝදනා එල්ල වී ඇති හෙයින් අදාළ බදු ලිපිගොනු විවෘත කිරීමෙන් පසු එම චෝදනාවෙන් මන්ත්‍රීවරු නිදහස් කිරීම මෙම වැඩසටහනේ තවත් එක් අරමුණක් වී ඇත.
(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart