
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව, විශේෂයෙන්ම තමිල්නාඩුවේ ආණ්ඩු, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර වාර්ගික ගැටුම තේරුම් ගැනීමට අපොහොසත් වූ බව ජනප්‍රිය දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පැවැසීය.
ඔහු මේ බව කියා සිටියේ ගෝවා හි පැවති ඉන්දීය අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ (IFFI) ප්‍රදර්ශනය වන, ඔහුගේ ජීවිතය පාදක කරගනිමින් නිෂ්පාදනය කළ ක්‍රීඩා චරිතාපදානයක් වන ‘A Legendary 800 – Against All Odds’ පිළිබඳ සකච්ඡා සැසියට එක්වෙමිනි.
“ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය… ඉන්දියාව කවදාවත් තේරුම් ගත්තේ නැහැ. එය අවංක පිළිතුරක්. මම ඒක කියන්න බය නෑ… ඉන්දියාව කියන්නේ, මම කියන්නේ මධ්‍යම රජයට නෙවෙයි, තමිල්නාඩු රජයට තේරුණේ නැහැ එතන තියෙන ඇත්ත ප්‍රශ්නය මොකක්ද කියලා. මොකද ලංකාවේ ප්‍රශ්නය ගොඩක් වෙනස්. ශ්‍රී ලංකාවේ දෙමළ [ප්‍රජාව] බලන්න, උප කණ්ඩායම් කිහිපයක් තියෙනවා” මුරලිදරන් පැවැසීය.
“… ඒ සියල්ල සම්බන්ධයි, නමුත් දේශපාලන වශයෙන් බෙදී සිටිනවා. මගේ සීයා ඉන්දියාවේ [තමිල්නාඩුවේ] කෙනෙක්. 1920 ගණන්වල ඔහු තේ වතුවලට ගියා. බ්‍රිතාන්‍යයන් අපිව බලහත්කාරයෙන් එතනට ගෙන ගියා. ඉතින් ඒ නිසා තමයි ලංකාවේ අපේ පරම්පරාව… අපි හැමෝම හැදුණේ මධ්‍යම කඳුකරයේ. අපිට කියන්නේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ කියලා. ඔවුන් හඳුන්වන්නේ ශ්‍රී ලාංකික දෙමළ කියායි… ඔවුන් කතා කරන විට, ඔවුන් කතා කරන ආකාරය වෙනස් නමුත්. එය එකම භාෂාවයි.” මුරලි පෙන්වාදෙයි.
“ඉතින් සමහරුන්ට ඕන වුණේ එක කොටසක් වෙන් කරලා වෙනම රටක් හදන්න. මැද [කලාපයේ]. අපිට වෙනම රටක් ඕන වුණේ නැහැ. අපිට ඕන වුණේ හැමෝම එක්ක සුහදව ජීවත් වෙන්න.” මුරලිදරන් වැඩිදුරටත් පැවසීය.
ඉන්දියාවේ දේශපාලඥයන් කිහිපදෙනෙකුට තම රටේ ප්‍රශ්නය නොතේරෙන බව පැවසූ මුරලිදරන්, තමා “වර්ගයට ද්‍රෝහියකු” බවට චෝදනා කළ බවද සිහිපත් කළේය.
“යුද්ධය ගැන සහ සිදු වූ දේ ගැන මා කිසිවක් නොකී නිසාත්, මාව රජයට පක්ෂපාතී ලෙස සැලකූ නිසාත්…දේශපාලකයන්ගෙන් සියයට 5-10ක් සිතන්නේ මා ජාතියට ද්‍රෝහියකු ලෙසයි,” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart