
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙමළ ජනතාව බහුතරයක් ජිවත්වන ශ්‍රී ලංකාවේ උතුර සහ නැගෙනහිර පළාත්වල හින්දු ජනගහණය අඩුවීම පිළිබඳව තමිල්නාඩු භාරතීය ජනතා පක්ෂ සභාපති කේ. අන්නාමලෙයි කනස්සල්ල පළ කර තිබේ.
සතියක සංචාරයක් සඳහා එක්සත් රාජධානියට ගොස් සිටින සභාපතිවරයා විසින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තිබෙන ඓතිහාසික හා සංස්කෘතික සබඳතා පිළිබඳව ලන්ඩනයේ හවුස් ඔෆ් ලෝඩ්ස් හි දී අදහස් පළකර ඇත.
මෙම උත්සවය බ්‍රිතාන්‍ය දෙමළ සංගම් සහ එක්සත් රාජධානිය පදනම් කරගත් දෙමළ සංස්කෘතික සංවිධානයක් වන සංගමම් විසින් සංවිධානය කර තිබේ.
ශ්‍රී ලංකාවේ උතුර සහ නැගෙනහිර පළාත්වල හින්දු ජනගහණයේ අඩුවීම පිළිබඳව අන්නාමලෙයි සිය කතාවේදී සඳහන් කර ඇත.
උතුර සහ නැගෙනහිර පළාත්වල බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන නිසා දෙමළ සහ බෞද්ධයන් අතර විවිධ ගැටළු ඇති වී ඇතැයි ඔහු පෙන්වා දී තිබේ.
එම පළාත්වල වසර දහසකට වැඩි කාලයක සිට අනන්‍ය සංස්කෘතියක් සහ අනන්‍යතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත්, මෑතක සිට මෙම ප්‍රදේශවල බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන මතුවීම හේතුවෙන් ඊළාම් දෙමළ ජනතාව සහ බෞද්ධයන් අතර ගැටළු ඇති වී තිබෙන බවත්, ඔහු සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart