
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් මීළග සාකච්ඡා වටය සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමෙන් පසුව පමණක් සිදුකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, එම රැස්වීමේදී ඒකාබද්ධ සාකච්ඡා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
අදාළ රැස්වීම පෙබරවාරි 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද එදින නිවාඩු දිනයක් වූ බැවින් එය කල්දමා තිබිණි.
ඒ අනුව ඉදිරි දිනකදී එය පැවැත්වෙනු ඇති බවයි පක්ෂ ආරංචි මාර්ග පවසයි.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවද ඔවුන්ගේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට තවමත් අපොහොසත් වී තිබේ.
දෙපාර්ශ්වයේම නායකයන් අතර එකඟතාවක් නොමැතිවීම හේතුවෙන් සාකච්ඡා තාවකාලිකව ඇණහිට ඇතැයි වාර්තා විය.
කෙසේවෙතත්, ඉදිරි මැතිවරණයේදී එක්ව තරග කිරීමෙන් පක්ෂ දෙකටම සැළකිව යුතු දේශපාලන වාසි ලබාගත හැකි බව පක්ෂ දෙකේම සාමාජිකයෝ විශ්වාස කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart