
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවැනි දිනටද අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෘවර් (Dr. Peter Breuer) යන නියෝජිතයන් ප්‍රමුඛ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සහ IMF සාකච්ඡා සඳහා පත්කෙරුණු මෙරට නියෝජිත කණ්ඩායම ඊට එක්ව සිටියහ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පීඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළඟා වීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart