
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇෆ්ගනිස්ථානයේ හිසකෙස් සැකසීමේ මධ්‍යස්ථාන සහ රූපලාවන්‍යාගාර වසා දමන ලෙස තලේබාන් සංවිධානය නියෝග කර තිබේ.
තලේබාන් ආණ්ඩුවේ සාරධර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, මෙම තීරණය ප්‍රකාශයට පත්කළ ජූලි 02වැනිදා සිට මාසයක කාලයක් ඇතුළත රටේ සියලුම හිසකෙස් සැකසීමේ මධ්‍යස්ථාන සහ රූපලාවන්‍යාගාර වසාදැමිය යුතු බවයි.
2021 දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමෙන් පසු කාන්තා නිදහස ක්‍රමයෙන් හැකිලී ඇත.
ඔවුන් නව යොවුන් වියේ ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට පන්ති කාමර, ව්‍යායාම මධ්‍යස්ථාන සහ උද්‍යානවලට ඇතුළුවීම තහනම් කර ඇති අතර, මෑතකදී ඔවුන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන වල සේවය කිරීම පවා තහනම් කර තිබේ.
කාන්තාවන්ගේ ඇස් පමණක් පෙනෙන ආකාරයට ඇඳ පැළඳ සිටිය යුතු බවත්, ඔවුන් කිලෝමීටර් 72 (සැතපුම් 48) ට වඩා වැඩි දුරක් ගමන් කරන්නේ නම් පිරිමි ඥාතියකු සමඟ යායුතු බවටත් තලේබාන් සංවිධානය නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart