
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෑම දේශපාලන පක්ෂයක් තුළම දක්ෂයින් සිටින බවත්, වර්තමානයේදී රටේ පවතින ප්රමුඛ අවශ්‍යතාවයක් වන්නේ ද එම දක්ෂයින් එකට එක්වීම බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
එම එකතුවීම රටට ඔබින ක්‍රියාවලිය බව පැවසූ මන්ත්‍රීවරයා එසේ නොමැති වුවහොත් අවශ්‍ය වන්නේ වැඩි බහුතරයක් හෝ එකට එක්වී කටයුතු කිරීම බව ද පැවසුවේය.
එහිදී මෙරට දේශපාලන ඉතිහාසය පිළිබඳ මතකය අවදි කළ මන්ත්‍රීවරයා 1948 වසරේදී ඩී එස් සේනානායක මහතා විදේශිකයින්ගෙන් මෙරට පාලන බලය ලබා ගත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් මෙන්ම මැලේ වැනි සියලු ජනතාව ඒකරාශී කර ගෙන ශ්‍රී ලාංකික රටක් වශයෙන් කටයුතු කළ නිසා බව ද ප්‍රකාශ කළේය.
එම චින්තනය මොහොතකට හෝ දෙදරා යාමට ඉඩ නොතැබිය යුතු බව ද මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ මේ මොහොතේ අවශ්‍ය වන්නේ සියලුම ජනයා ශ්‍රී ලංකා ධජයක් යටතේ එක්වීම බවයි.
දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් එකට එක්වීම පිළිබඳව ද මෙහිදී පෙන්වා දුන් මන්ත්‍රීවරයා සියලු දෙනා එකට එක් කළ හැකි නම් එම අවස්ථාව සුබවාදී බව ද පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart