
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුමන ආකාරයේ තෙල් වර්ගයක් වුවද පාලනයකින් තොරව භාවිත කිරීම හේතුවෙන් හෘදය ආශ්‍රිත රෝගාබාවලධට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
එමනිසා ආහාරයට ගනු ලබන තෙල් ප්‍රමාණය පාලනය කිරීම මඟින් හෘදය ආශ්‍රිත රෝගාබාවලධට ගොදුරු වීමෙන් වැළකිය හැකි බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර පෙන්වාදෙයි.
විශේෂයෙන්ම වරක් භාවිත කරන ලද තෙල් නැවත නැවත භාවිත කිරීම නුසුදුසු බව හෙතෙම අවධාරණය කරයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
“තෙල් පාවිච්චිය ඕනෑවට වඩා ගත්තොත් ඒ මොන තෙලක් වුණත් අපේ ඇඟට අහිතකර බලපෑම් එන්න පුළුවන්. දෙවැනි දේ තමා තෙල් පාවිච්චි කරනකොට අපි නැවත නැවත තෙල් පාවිච්චියට ගත්තොත් සිදුවන රසායනික සංයෝගත් එක්ක අපේ හෘදය වස්තුවේ සහ අපේ ධමනිවල මෙන්ම ශිරාවල තෙල් තැන්පත් වෙනවා. ඒ තුළ අපිට බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම හෘදය වස්තුව ආශ්‍රිත රෝගාබාධවලට ගොදුරුවීමේ හැකියාව තියෙනවා. තෙල් පාවිච්චියේ ප්‍රමාණය අඩුකරගන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට තෙල්වලින් එන කැලරි ප්‍රමාණය එහෙම නැත්නම් ශක්ති ප්‍රමාණය අඩුකරගන්න පූළුවන්. ඇඟ ඇතුළට එන ශක්තිය වැඩිවුණාම ගොඩක් වෙලාවට මහත් වෙන්න බලනවා. ඒ නිසා අපි තෙල් භාවිතා කරනකොට ඒ ප්‍රමාණය අඩු කරන එක වැදගත්. තෙල් නොරැදෙන බඳුනක් භාවිත කරන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට සෞඛ්‍යයට වෙන බලපෑම අඩුකරගන්න පුළුවන්.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart