
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තයිවාන දූපත වටා චීන වෙරළාරක්ෂක සහ පර්යේෂණ නෞකාවල ක්රියාකාරීත්වයේ සීඝ්‍ර වර්ධනයක් ජූනි මාසයේදී නිරීක්ෂණය වී ඇති බව තයිවාන වෙරළාරක්ෂක දත්ත සහ බලධාරීන් තහවුරු කරයි.
මෙම තත්ත්වය හමුවේ, තම නැගෙනහිර ශාන්තිකර වෙරළට ඔබ්බෙන් චීනය එල්ල කළ හැකි බලපෑම්වලට පෙරළා ප්‍රතිචාර දැක්වීම සලකා බලමින් විශේෂ හමුදා පෙරහුරුවක් පැවැත්වීමට තායිපේ පාලනය දැනටමත් සැලසුම් කර තිබේ.
ලබාගෙන ඇති දත්තවලට අනුව, පසුගිය ජූනි මාසයේදී පමණක් තායිවානය වටා චීන රජයට අයත් වෙරළාරක්ෂක සහ පර්යේෂණ නෞකා 55 ක ගැවසීම වාර්තා වී ඇත.
මෙය මැයි මාසයේ වාර්තා වූ නෞකා 30 ට සාපේක්ෂව සියයට 83 ක ඉහළ යාමකි.
එමෙන්ම පසුගිය වසරේ (2023) ජූනි මාසයේ වාර්තා වූ නෞකා 25 ට සාපේක්ෂව එය සියයට 120 ක දැවැන්ත වර්ධනයකි.
මෙම ගණනය කිරීම්වලට චීන ප්‍රධාන භූමියට ආසන්නව පිහිටි තයිවාන පාලනය යටතේ පවතින සසුන් දූපත් ආශ්‍රිතව සිදුවූ නෞකා නිරීක්ෂණයන් ඇතුළත් කර නොමැත.
තායිවානයට එරෙහිව බීජිං පාලනය ගෙන යන නවතම බලපෑම් සහ තර්ජනාත්මක ක්‍රියාමාර්ගවලදී චීන වෙරළාරක්ෂක බලකාය වැඩිවෙමින් පවතින කාර්යභාරයක් ඉටුකරන බව මෙම දත්ත මගින් තහවුරු වේ. චීනයේ මෙම ක්‍රියාකලාපය තායිපේ පාලනයේ දැඩි කෝපයට හේතු වී ඇති අතර, ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු බටහිර රටවල් රැසකගේද දැඩි අවධානයට හා කංසාවට ලක්ව ඇත.
චීන හමුදාව තයිවානය ආශ්රිත කලාපයේ දිනපතාම පාහේ හමුදා මෙහෙයුම්වල නිරත වන නමුත්, මෑත කාලයේදී බීජිං පාලනය තම භූමිප්‍රදේශ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා වෙරළාරක්ෂක බලකාය බහුලව යොදාගැනීමට පටන්ගෙන තිබේ. තායිවානය සඳහන් කරන්නේ මෙය තම දූපත වටා චීන ක්‍රියාමාර්ග සඳහා නීතිමය පදනමක් සකසා ගැනීමට දරන “නීතිමය යුද්ධයක්” බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart