
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් 2024 පිරිමි T20 ලෝක කුසලානය සඳහා ඩොලර් මිලියන 11.25 ක වාර්තාගත ත්‍යාග අරමුදලක් ප්‍රකාශයට පත්කර ඇති අතර ජයග්‍රාහකයන්ට අවම වශයෙන් ඩොලර් මිලියන 2.45ක් ලැබෙනු ඇත.
ඒ අනුව ICC පිරිමි T20 ලෝක කුසලානය 2024 ජයග්‍රාහකයන්ට තරඟාවලි ඉතිහාසයේ වැඩිම මුදල ලැබෙනු ඇත.
මෙම නවවැනි T20 ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථාන 9ක, දින 28ක් පුරා කණ්ඩායම් 20ක් තරඟ වදින අතර එය ඉතිහාසයේ විශාලතම තරගාවලිය බවටද පත්ව ඇත.
අනුශූරයන් හට අවම වශයෙන් ඩොලර් මිලියන 1.28ක් ලැබීමට නියමිත අතර, පරාජිත අවසන් පූර්ව වටයට එක්වන්නන් ඩොලර් 787,500 බැගින් ලබාගනී.
දෙවැනි වටයෙන් ඉදිරියට නොයන කණ්ඩායම්වලට ඩොලර් 382,500 බැගින් හිමිවන අතර නවවැනි සහ 12 වැනි ස්ථාන අතර අවසන් වන කණ්ඩායම්වලට ඩොලර් 247,500 බැගින් හිමිවේ.
13 වැනි ස්ථානයේ සිට 20 වැනි ස්ථානය දක්වා ශ්‍රේණිගත කරන කණ්ඩායම්වලට ඩොලර් 225,000 බැගින් ලැබේ.
මීට අමතරව, සෑම කණ්ඩායමකටම අවසන් පූර්ව වටයේ සහ අවසන් පූර්ව තරග හැර ජයග්‍රහණය කරන සෑම තරගයක් සඳහාම අමතර ඩොලර් 31,154ක් ලැබෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart