
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති T20 ක්‍රිකට් තරගාවලිය සම තත්ත්වයෙන් නිමා කරන්නට අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වෙයි.
ඒ ඊයේ පැවති දෙවැනි තරගයේදි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 07කින් පරාජයට පත් කරමිනි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු තරගය කඩුලු 07කින් ජයගත් අතර ඒ අනුව තරග දෙකකින් යුත් T20 තරගාවලිය එකට එකක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.
ඊයේ පැවති දෙවැනි T20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත ක්‍රිඩිකාවන් පන්දුවාර විස්ස තුළ කඩුලු 03ක් දැවි ලකුණු 173ක් ලබා ගත් අතර එහිදි ගැබේ ලිවිස් ලකුණු 119ක් රැස් කළාය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට පන්දුවාර විස්ස තුළ ලබා ගත හැකි වුයේ කඩුලු 07ක් දැවි ලකුණු 166ක් පමණි.
එහිදි පළමු තරගයේ අර්ධ ශතකයක් රැස්කළ හර්ෂිතා සමරවික්‍රම දෙවැනි තරයේදිද ලකුණු 65ක් ලබා ගත් අතර කවීෂා දිල්හාරි නොදැවි ලකුණු 51ක් ලබා ගත්තාය.
දෙරට අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලිය අනිද්දා ආරම්භ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart