
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කදිරානවත්තේ ‘කුඩු රැජින’ නමැති 45 හැවිරිදි මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට සැකකෙරෙන කාන්තාව කසළ පිරුණු ඇළකට පැන තිබූ අතර, දැඩි පරිශ්‍රමයකින් පසු පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) විසින් ඉරිදා (මාර්තු 03) දින සිදුකළ ‘යුක්තිය’ දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුමේදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මට්ටක්කුලිය පොලිසිය විසින් ඇයගේ නිවස වටළා ඇති අතර එහිදී අදාළ කාන්තාව කසළ පිරවූ ඇළකට පැන තිබේ.
ඇළෙන් පිටවීම ප්‍රතික්ෂේප කළ කාන්තාව අත්අඩංගුවට ගැනීමට තවත් පොලිස් කණ්ඩායමක් පිටත්කර යැවීමට සිදුව ඇත.
වැටළීමේදී රුපියල් ලක්ෂ 05කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart