
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ රාත්රියේ කටුනායක ගුවන් තොටුපළ අසලදී පිස්තෝලයක්, මැගසිනයක් සහ උණ්ඩ 12 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලැබුණු තොරතුරක් මත ගුවන් තොටුපොළ පිටවීමේ පර්යන්තය අසල රාජකාරියේ යොදවා ඇති පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද වැටළීමකදී 41 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
රත්මලානේ පදිංචිකරුවකු වන සැකකරු 2018 දෙසැම්බර් මාසයේ සිදු වූ වෙඩිතැබීමක් සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා පෑලියගොඩ පොලිස් අපරාධ විමර්ශන ඒකකයට භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart