
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලාංකිකයකු සහ පකිස්ථාන ජාතිකයකු සම්බන්ධ ඔත්තු බැලීමේ නඩුවක විත්තිකරුවකු ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
නුරුදීන් හෙවත් රාෆි නමැති මෙම විත්තිකරු ඇප ලැබීමෙන් පසු පළා ගොස් තිබිණි.
කර්නාටක ප්‍රාන්තයේ Mysuru හි රජීව් නගර් ප්‍රදේශයේදී ජාතික විමර්ශන ඒජන්සි කණ්ඩායම විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ සෝදිසි කිරීමකදී ජංගම දුරකථන, ලැප්ටොප්, පෙන් ඩ්‍රයිව් සහ ඩ්‍රෝන් ඇතුළු අපරාධ සඳහා භාවිත කරන්නට ඇති බවට සැකකරන ද්‍රව්‍ය කිහිපයක් සොයා ගත් බව නිල ප්‍රකාශයක් නිකුත් කරමින් විමර්ශන ඒජන්සිය පවසයි.
ඇප මත මුදා හැරීමෙන් පසු චෙන්නායි හි ජාතික විමර්ශන ඒජන්සියේ විශේෂ අධිකරණය හමුවේ පෙනී සිටීමට රාෆි අපොහොසත් වූ විට ඔහුට එරෙහිව ඇප දිය නොහැකි වරෙන්තුවක් නිකුත් කරන ලදී.
අධිකරණය ඔහු ප්‍රකාශිත වැරදිකරුවකු ලෙස නම් කර තිබුණේ මේ වසරේ මැයි 7 වැනිදාය.
මෙම නඩුව 2014 වසරේ චෙන්නායි හි එක්සත් ජනපද කොන්සල් කාර්යාලයේ සහ බැංගලෝරයේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ පිපිරීම් සිදු කිරීමට ත්‍රස්ත කුමන්ත්‍රණයක් සම්බන්ධයෙනි.
ජාතික විමර්ශන ඒජන්සියට අනුව, මෙම කුමන්ත්‍රණය ශ්‍රී ලාංකික මුහම්මද් සකීර් හුසේන් සහ ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන පකිස්ථාන ජාතික අමීර් සුබයිර් සිද්දික් විසින් සිදු කර ඇත.
විත්තිකාර පාකිස්ථාන ජාතිකයාගේ අවශ්‍යතාව මත උසස් තත්ත්වයේ ව්‍යාජ ඉන්දීය මුදල් නෝට්ටු හරහා ජාතික විරෝධී ඔත්තු බැලීමේ කටයුතු සඳහා මුදල් සැපයීමට නුරුදීන් සම්බන්ධ වී ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
නුරුදීන් පළා යෑමෙන් පසු ඇනහිට තිබූ ඔහුට එරෙහි නඩු විභාගය දැන් නැවත ආරම්භ වන බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart