
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව විශාලතම කාර්යාලය සංකීර්ණය පසුගියදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විවෘත කර ඇත.
2017 දී ඉදිකිරීම ආරම්භ කළ මෙම කාර්යාල සංකීර්ණය ‘සුරාට් ඩයමන්ඩ් එක්ස්චේන්ජ්’ (Surat Diamond Exchange) යන නමින් නම්කර ඇති අතර, එය ඉදිකර අවසන් කර ඇත්තේ පසුගිය ජූලි මාසයේදීය.
අන්තර්ජාතික දියමන්ති සහ ස්වර්ණාභරණ ව්‍යාපාර සඳහා මේ නව කාර්යාල සංකීර්ණය ඉදිකිරීම අරමුණ වී තිබේ.
මෙම ගොඩනැගිල්ල විශාලත්වයෙන් අමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පිහිටි පෙන්ටගනය අභිබවා යන බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
මෙය ඉදිකිරීමට පෙර ලොව විශාලතම කාර්යාල සංකීර්ණය ලෙස වාර්තා අතර පැවැතියේ පෙන්ටගනයයි.
මෙම කාර්යාල සංකීර්ණය ඉන්දියානු රුපියල් බිලියන 32ක වියදමක් දරා ඉදිකර ඇති අතර, එය වර්ග අඩි මිලියන 6.7ක ප්‍රදේශයක් පුරා පැතිරී පවතී.
ආනයන අපනයන සඳහා නවීන රේගු නිෂ්කාශන මන්දිරයක්, සිල්ලර ස්වර්ණාභරණ ව්‍යාපාර සඳහා ස්වර්ණාභරණ වෙළෙඳ සංකීර්ණයක් සහ අන්තර්ජාතික බැංකුවලින් මෙය සමන්විත වේ.
මෙය මහල් 15කින් යුත් ගොඩනැගිලි 09කින් සමන්විත වේ.
මෙහි කාර්යාල 4700ක් ස්ථාපිත කර ඇති අතර, ඉන් කාර්යාල 130ක වැඩ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart