
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශ්වවිද්‍යාල තුළ නවකවධය වැළැක්වීම සඳහා දැනට ක්‍රියාත්මක වන මාර්ගෝපදේශ මාලාව දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝග කළේය.
එම මාර්ගෝපදේශ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික සහාය සහ පහසුකම් ලබාදෙන ලෙසද විනිසුරු මඩුල්ල අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරියටද නියෝග කළේය.
2020 දී නවකවධය හේතුවෙන් ඇති වූ තුවාලවලින් ශාරීරිකව හා මානසිකව පීඩා විඳින පළමු වසරේ ශිෂ්‍ය පසිඳු හිරුෂාන් ද සිල්වා විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් මෙම නියෝගය නිකුත් කරන ලදී.
ශිරාන් ගුණරත්න, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත්කෙරිණි.
මෙම නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා නඩුව ජනවාරි 14 වන දින නැවත කැඳවීමට විනිසුරුවරු තවදුරටත් නියෝග කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart