
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ස්ථානාධිපති තනතුර සඳහා අයැදුම්පත් ඉදිරිපත් කිරීම පිරිමින්ට පමණක් සීමාකරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් කාන්තාවන් දෙදෙනකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.
නීතිය ඉදිරියේ සමානාත්මතාවය සහතික කරන සහ ලිංගිකත්වය මත වෙනස්කොට සැලකීම තහනම් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 12(2) වගන්ති යටතේ ගැසට් මගින් තම මූලික අයිතිවාසිකම් කඩකරන බව පවසමින් අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදූෂා විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.
පෙත්සම්කරුවන් තර්ක කරන්නේ, ජුනි 13 වැනි දින ප්‍රචාරය කරන ලද දුම්රිය ස්ථානාධිපති පුරප්පාඩු 106ක් සඳහා ‘පිරිමි අයැදුම්කරුවන් පමණක්’ යනුවෙන් සඳහන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ගත් තීරණය නීතිවිරෝධී ස්ත්‍රී පුරුෂ භේදයක් ඇතිකරන බව සහ තමන් කැමති රැකියාවක් කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කරන බවයි.
පෙත්සම්කාරියන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥ නුවන් බෝපගේ අධිකරණයට දන්වා සිටියේ, කාන්තා අයැදුම්කාරියන් බැහැරකිරීමේ ගැසට් වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය බලරහිත කළ යුතු බවයි.
පෙත්සම්කාරියන් ඉල්ලා සිටින්නේ, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ නිශ්චිත වගන්තිය ඉවත්කර තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි.
කරුණු සැළකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඒ.එච්.එම්.ඩී. නවාස්, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න විසින් පෙත්සම විභාග කිරීමට අවසර ලබාදුන් අතර, නඩුව අගෝස්තු 27 වැනිදා විභාගයට ගැනීමට නියම කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart