
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා මෙරටට පැමිණෙන ලෙස දකුණු ඉන්දියාවේ ලෝක ප්‍රකට නළුවෙකු වන ‘සුපර් ස්ටාර්’ රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාව ආරාධනා කර තිබේ.
පසුගියදා පවතී විශේෂ රැස්වීමකින් අනතුරුව රජිනිකාන්ත්ට මෙම ආරාධනය සිදුකර ඇත්තේ ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කේෂ්වරන් විසිනි.
ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ ‘රාමායණ මංපෙත’ සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් සුවිශේෂී බෞද්ධ ස්ථාන ගවේෂණය කරන ලෙස ආචාර්ය වෙන්කේෂ්වරන් රජිනිකාන්ත්ට පෞද්ගලිකව ආරාධනා කර ඇත.
මීට පෙර 2017 වසරේ අප්‍රේල් මාසයේදී රජිනිකාන්ත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත සුදානමින් පසුවිය.
නිවාස යෝජනා ක්‍රමයක් විවෘත කිරීම සඳහා එලෙස මෙරටට පැමිණීමට නියමිතව තිබුණද, ඇතැම් දෙමළ සංවිධානවල විරෝධතා හේතුවෙන් එම සංචාරය අවලංගු කෙරිණි.
2017 අප්‍රේල් 09 වැනිදා උතුරු පළාතේ වවුනියාව නගරයේ පැවති වැඩසටහනකට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට රජිනිකාන්ත්ට ආරාධනා ලැබී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart