
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකානු ගායක නික් කාටර් සිය ‘Who I am World Tour – Asia 2025’ සංගීත ප්‍රසංගය අත්හිටුවා නැවත අමෙරිකාවට පැමිණ ඇතැයි වාර්තා වේ.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ අනපේක්ෂිත තත්ත්වයන් හේතුවෙන් ඔහු නැවත ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ ඇති බවයි.
‘Who I am World Tour – Asia 2025’ සංගීත ප්‍රසංගයට සමගාමීව ඉන්දියාව, ශ්‍රී ලංකාව, කොරියාව, පිලිපීනය සහ මැද පෙරදිග යන රටවල නියමිත ප්‍රසංග ඇතුළත්ව තිබිණි.
ලෝක ප්‍රකට Backstreet Boys සංගීත කණ්ඩායමේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබූ සාමාජිකයා බව පැවැසෙන නික් කාටර් සිය ආසියානු සංචාරය ඉදිරියට ගෙන යාමට නොහැකි වීම ගැන කණගාටුව ප්‍රකාශ කරමින්, සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කර තිබේ.
“ශ්‍රී ලාංකික පාර්ශ්වකරුවන් වශයෙන්, මෙමගින් සිදුවී ඇති අපහසුතාවය පිළිබඳව අපි බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර, ආපසු ගෙවීම් ඉක්මනින් සහ කාර්යක්ෂමව ක්‍රියාවට නංවන බවට සියලුම වටිනා ප්‍රවේශපත්‍ර හිමියන්ට සහතික වෙමු.අපි අනාගත වර්ධනයන් සම්බන්ධයෙන් සම්බන්ධව සිටීමට බලාපොරොත්තු වන අතර මෙම කාලය තුළ නික්, ඔහුගේ කළමනාකාරිත්වය සහ ඔහුගේ පවුලේ අයට අපගේ සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වේ” යනුවෙන් එහි දැක්වේ.
කෙසේවෙතත් අප්‍රේල් 23 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගය නිල වශයෙන් අවලංගු කර ඇති බව සංවිධායකයෝ පවසති.
මෙය කලාපය පුරා සිටින ඔහුගේ රසිකයින්ට සැලකිය යුතු බලාපොරොත්තු සුන්වීමක් වන අතර, ආසියාවේ සංවිධායකයන්, හවුල්කරුවන් සහ ප්‍රවර්ධකයන් සාකච්ඡා කර නැවත කාලසටහන් සකස් කිරීමට සහ මුදල් කඩිනමින් ආපසු ගෙවීමේ ක්‍රියාවලියක් සහතික කිරීමට ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart