May 1, 2023

නවතම සජීවිකරණ චිත්‍රපටය වන ‘ද සුපර් මාරියෝ බ්‍රදර්ස්’ චිත්‍රපටය(The Super Mario Bros. Movie) බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් සිටී. තිරගත වී මාසයකට ආසන්න කාලයකට පසු, ද සුපර් මාරියෝ බ්‍රදර්ස් ඊයේ(අප්‍රේල් 30) බොක්ස් ඔෆිස්හි ඩොලර් බිලියන 01 සිමාව ඉක්මවා ගිය අතර, යුනිවර්සල් ආයතනයේ ප්‍රවෘත්ති නිවේදනයකට අනුව, චිත්‍රපටය අඛණ්ඩව සිව්වන සති අන්තයේ අංක 01 ස්ථානයේ රැඳී සිටින බැවින් එය, බොක්ස් ඔෆිස් වාර්තා බිඳදමා ඇත.

“සුපිරි මාරියෝ බ්‍රදර්ස්” චිත්‍රපටය, 2019 වසරේ “Minions: The Rise of the Gru” චිත්‍රපටය විසින් උපයාගත් ඩොලර් මිලියන 942.5 අභිබවා යමින්, ගෝලීය වශයෙන් මෙතෙක් නිෂ්පාදිත 10 වැනි විශාලතම සජීවිකරණ චිත්‍රපටය බවට පත් කරමින්, ඩොලර් බිලියන 01 ඉක්මවා ගිය ඉතිහාසයේ 10 වැනි සජීවිකරණ චිත්‍රපටය බවට පත්ව තිබේ.

පසුගිය අප්‍රේල් 05 වන දින එක්සත් ජනපදයේ සහ කැනඩාවේ චිත්‍රපටයේ මංගල දර්ශනය තිරගත කෙරුණු අතර, ආරම්භක දින පහක ධාවන කාලයේදී එය ඩොලර් මිලියන 200 කට වඩා වැඩි ආදායමක් එම දෙරටින් පමණක් උපයා ගත්තේය. එම කාලයේදී සමස්ත ලෝකය පුරා කෙරුණු තිරගත කිරීම්වලින් ලබා අදායම ඩොලර් මිලියන 380 ඉක්මවා ඇත.

මෙම චිත්‍රපටය පදනම් වී ඇත්තේ ලොව තිෂය ජනප්‍රිය ‘සුපර් මාරියෝ’ (Super Mario) වීඩියෝ ක්‍රීඩාවයි.