
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මේ දිනවල සිටින්නේ දකුණු කොරියාවේ සංචාරයක නිරත වෙමිනි.
එම සංචාරය අතරතුර හඳුන්නෙත්ති ශ්රී ලාංකිකයකු වන හේමක පීරිස් විසින් පාලනය කරන Jung Dun Food Factory නැරඹීමට ගොස් තිබේ.
පානදුර ප්රදේශයෙන් කොරියාවට සංක්රමණය වූ හේමකගේ ෆැක්ටරියේ විස්මය දුටු හඳුන්නෙත්ති, ඒ පිළිබඳව සිය ෆේස්බුක් පිටුවේ සටහන් තබා තිබුණේ මේ ආකාරයෙනි.
“හේමක කොලුවා ලංකාවෙන් මීට අවුරුදු 21 කට කලින් කොරියාවට එනකොට තේ එකක්වත් හදාගන්න දන්නෙ නැතිලු, අද කොරියාවට විතරක් නෙමෙයි ඇමරිකාවට, ජපානයටත් බිස්කට් හදලා යවන ෆැක්ටරියක් පාලනය කරන ප්රධාන පුද්ගලයා !
මේ ෆැක්ටරියේ දැවැන්ත බොය්ලේරු මැෂින් බොහෝමයක් එයාගෙම නිර්මාණ ! කොහොමද ඉගෙනගත්තෙ ඇහුවා ම දුන්නු උත්ත්රේ තමා “මම මෙතනට එනකොට තේ එකක්වත් හදාගන්න දන්නෙ නෑ, වැඩ කරලාම තමා ඉගෙන ගත්තෙ” කියල,
දැනටත් ලංකාවේ හත්දෙනෙක් මෙතන වැඩ !
මේ ෆැක්ටරියේ හිමිකරුත් අවුරුදු 38 ක තරුණයෙක් ! ඔහුට හේමක සහෝදරයා පවුලේම සාමාජිකයෙක් වගේලු ! මම කිව්වා හේමක අපේ පක්ෂයේ සහෝදරයෙක් නිසා එහෙනම් ඔයත් අපේම සහෝදරයෙක් කියල ! එයා ආදරණීය බැල්මෙන් හිනා වුණා !”








Adding {{itemName}} to cart
Added {{itemName}} to cart