July 28, 2024

දෙමළ ජාතික සන්ධානයේ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ගමන් ගත් රථය ඊයේ (27) සවස අනතුරකට ලක්ව තිබේ.

කොළඹ සිට යාපනය බලා යමින් සිටියදී කිළිනොච්චිය ප්‍රදේශයේ කිලෝමීටර් 155 කණුව අසලදී මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය යතුරුපැදියක ගැටී ඇති බව වාර්තා වේ.

අනතුරින් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති බව පොලිසිය පවසයි.

අනතුරින් මන්ත්‍රීවරයාගේ වාහනයේ ඉදිරිපස කොටසට සුළු හානි සිදුවී ඇත.