
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනයේ පැවති රැස්වීමක් සඳහා වෙනත් දිස්ත්‍රික්කවලින් බස් රථ විශාල සංඛ්‍යාවක් රැගෙන ඒමට ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ප්‍රශ්න කර තිබේ.
සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් කියාසිටියේ, කිසියම් අමුතු හේතුවක් නිසා ජනාධිපතිවරයා ඊයේ සවස යාපනයට බස් රථවලින් දහස් ගණනක් ගෙන්වාගෙන ඔවුන් ඇමතූ බවයි.
ජනාධිපතිවරයා එසේ කළේ මන්දැයි ප්‍රශ්න කළ සුමන්තිරන් පෙන්වා දුන්නේ, ඒ වෙනුවට ඔවුන්ගේම දිස්ත්‍රික්කවල ජනතාව අමතා කතා කළේ නම් ජනාධිපතිවරයාට ගමන් වියදම් අඩු වන බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ යාපනයේ පැවති ජාතික ජන බලවේගයේ දේශපාලන රැස්වීමක් ඇමැතුවේය.
රැළිය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ, තමන් මෙතෙක් යාපනයේ ඇමතූ විශාලතම ජනකාය මෙය බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart