
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යෝජිත ශ්රී ලංකා-ඊශ්රායල පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයක සමාරම්භක රැස්වීම කැඳවමින් ප්රසිද්ධ කළ ලිපියක් ඉල්ලා අස්කර ගන්නා බවත්, එය වැරදීමකින් නිකුත් කළ ලිපියක් බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ පවසාඅ ඇත.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට මෙම සංගමයට බැඳෙන ලෙස කැඳවීමේ නිවේදනය ‘දෝෂයක් සහ අතපසුවීමක් හේතුවෙන් නිකුත් කරන ලද බවත්, එම රැස්වීම අවලංගු කරන ලෙස අදාළ සියලුම පිරිස්වලට ලිඛිතව දැනුම් දී ඇති බවත් සුජීව සේනසිංහ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියි.
“ප්රමාද දෝශයකින් සහ අත්වැරදීමකින් මා විසින් කැදවූ, ඊශ්රායල් – ශ්රී ලoකා පාර්ලිමේන්තු මිත්රත්ව සංගමය, මේ වන විට ලිඛිතව අවලංගු කරන ලෙස, මා විසින් අදාළ සියලුම පාර්ශව දැනුවත් කර ඇත!
සිදු වූ අත් වැරදීමට මාගේ දැඩ් කනගාටුව ප්රකාශ කරමි!”
යනුවෙන් මන්ත්රීවරයා සිය ෆේස්බුක් ගිණුමේ නිවේදනය කර ඇත.
සැප්තැම්බර් 4 දිනැති පළමු නිවේදනයේ, යෝජිත සංගමයට ලියාපදිංචි වී සැප්තැම්බර් 12 වැනි දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සමාරම්භක රැස්වීමට සහභාගී වන ලෙස මන්ත්රීවරුන්ට ආරාධනා කර තිබිණි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart