
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ ප්රජාතන්ත්රවාදී පාලනයට සහ නීතියේ ආධිපත්‍යයට එල්ල වන බව කියැවෙන තර්ජන පිළිබඳ අවධානය යොමු කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේමසිංහ ශ්‍රී ලංකාවේ තානාපතිවරුන්ට සහ අන්තර්ජාතික සංවිධාන කිහිපයකට ලිපියක් යොමුකර තිබේ.
2026 ජනවාරි 22 දිනැති ලිපි මගින් සේමසිංහ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, පොදුරාජ්‍ය මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් අන්තර්ජාතික ආයතන වෙත මෙම දැනුම්දීම සිදුකර තිබේ.
ස්ථිර හෝ වැඩ බලන විගණකාධිපතිවරයකු පත්කිරීමට අපොහොසත් වීම පාර්ලිමේන්තු මූල්‍ය අධීක්ෂණයට හානි කරන අතර දූෂණ ක්‍රියා පාලනය දුර්වල කරන බවත් විගණකාධිපති ධුරයේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින පුරප්පාඩුව පිළිබඳවත් ඔහු කණස්සල්ල පළ කළේය.
නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අධිකරණයේ ස්වාධීනත්වයට හානි කිරීමට උත්සාහයන් ඇති බව පවසන සේමසිංහ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා සම්බන්ධ දේශපාලන මැදිහත්වීම් ඇතැයි ද චෝදනා කළේය.
ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ මෙම ගැටළු මතු කරන ලෙස ඔහු අන්තර්ජාතික ප්‍රජාවෙන් ඉල්ලා සිටි අතර ව්‍යවස්ථාමය පරීක්ෂාවන් සහ තුලනයන් පවත්වා ගැනීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.
ලිපිවල පිටපත් අගවිනිසුරුවරයාට සහ නීතිපතිවරයාට දැනගැනීම සඳහා යොමුකර තිබේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart