
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පකිස්තානයේ වයඹදිග කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ කොහාට් දිස්ත්‍රික්කයේ පිහිටි පැරණි පොලිස් සංකීර්ණයක් ඉලක්ක කරගනිමින් සිකුරාදා යාච්ඤාව පැවැත්වෙමින් තිබූ අවස්ථාවේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 16 දෙනෙකු සහ සිවිල් වැසියන් පස්දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රහාරයෙන් තවත් 70 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව නිලධාරීන් උපුටා දක්වමින් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
පුපුරන ද්‍රව්‍ය පිරවූ රථයක් අදාළ පොලිස් සංකීර්ණයේ ප්‍රධාන දොරටුවේ ගැටීමට සැලැස්වීමෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් ජියෝ නිව්ස් පුවත් සේවය සඳහන් කළේය.
මෘතදේහ 15 ක් සහ තුවාලකරුවන් පිරිසක් කොහාට් දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කළ බව එහි ප්‍රධානී තාහීර් අලි ෂා තහවුරු කර ඇත.
මෙම ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරු ඇතුළු ත්රස්තවාදීන් හයදෙනෙකු ද මියගොස් ඇති බව පොලිසිය පැවසීය. පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමේ විශේෂ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වන බවයි.
පොලිස් සංකීර්ණය තුළ පිහිටි පල්ලිය ඉදිරිපිට සිදු වූ මෙම බලවත් පිපිරීම හේතුවෙන් එම භූමියේ විශාල ආවාටයක් ද නිර්මාණය වී තිබේ.
කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්ත පොලිස්පතිවරයා සඳහන් කළේ දෙපිරිස අතර සිදු වූ වෙඩි හුවමාරුව අතරතුර පොලිස් විශේෂ ශාඛා ගොඩනැගිල්ලක් අසල ද තවත් මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදුව ඇති බවයි.
මෙම ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිවිල් වැසියන්ගේ ජීවිත අහිමි වීම පිළිබඳව තම කනගාටුව පළ කළේය.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සමස්ත ත්‍රස්තවාදය මුළුමනින්ම තුරන් කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කර ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart