
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නයිජීරියාවෙන් ඉන්ධන මිලදී ගැනීමේ ශ්‍රී ලංකාවේ සැලැස්ම ව්‍යාකූල වී ඇත්තේ එම රටේ බොරතෙල් අපනයනය සීමාකිරීම් සහ පිරිපහදු කළ නිෂ්පාදන ගනුදෙනු සඳහා පූර්ව ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවය හේතුවෙන් බව ඩේලි මිරර් වාර්තා කරයි.
අඩු මිලකට ඛනිජ තෙල් නිෂ්පාදන ලබාගැනීමේ උත්සාහයක් ලෙස, ලංකා ඛනිජ තෙල් සංස්ථාව නයිජීරියාව සහ දකුණු සුඩානය වැනි තෙල් නිෂ්පාදනය කරන අප්‍රිකානු රටවල බලධාරීන්ට ලිපියක් යවා ඇත.
කෙසේවෙතත්, නයිජීරියාව බොරතෙල් අපනයනය නතර කර ඇත.
ඛනිජ තෙල් සංස්ථාවේ මූලාශ්‍රයකට අනුව, පිරිපහදු කළ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා නයිජීරියානු නිෂ්පාදකයන් සමඟ කටයුතු කරන අදාළ සැපයුම්කරුවන් සමඟ පූර්ව ලියාපදිංචිය අවශ්‍ය වන අතර එයට බොහෝ කාලයක් ගතවේ.
එහි ප්‍රතිඵලයක් ලෙස, මේ මොහොතේ නයිජීරියාවෙන් තෙල් මිලදී ගැනීම ඛනිජ තෙල් සංස්ථාව ආයතනයට අපහසු වී ඇත.
මේ අතර, දකුණු සුඩානය මෙම අංශයේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවට ප්‍රතිචාර දක්වා ඇත.
‘ඩේලි මිරර්’ වාර්තාවට අනුව ඉන්ධන මිලදී ගැනීම් සාකච්ඡා කිරීම සඳහා සුඩාන රජය බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට සංචාරයක් සඳහා ආරාධනා කර තිබේ.
කෙසේවෙතත්, සංචාරයේදී ශ්‍රී ලංකා බලධාරීන් විසින් කිසිදු ස්ථිර තීරණයක් ගෙන නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart