
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අභ්‍යන්තර පීඩනය හේතුවෙන් පිපිරුණු බැරලයක පියනක් වැදීමෙන් සිසුවෙකු මියගිය බව හම්බන්තොට මහේස්ත්‍රාත් පරීක්ෂණයකදී හෙළිව තිබේ.
දහසය හැවිරිදි ආර්.ජී.එස්. සිතුමිණ තම මිතුරන් බැලීමට අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ තීන්ත ආලේප කරන ගරාජයකට ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුව ඇත.
බැරලය හදිසියේ පුපුරා ගොස් එහි පියන ගැලවී සිසුවාගේ ගෙල ප්‍රදේශයේ වැදී ඇති අතර, එම පිපිරීමෙන් තවත් මිතුරන් සිව්දෙනෙකුටද තුවාල සිදුවී තිබේ.
අඟුණුකොලපැලැස්ස පොලිසියේ ස්ථානාධිපති එච්.පී.ඒ. පුෂ්පකුමාර පවසා ඇත්තේ, තිනර් අඩංගු බැරලය මාස නවයකට ආසන්න කාලයක් වසා තිබූ බවත්, වසා දැමූ බැරලය තුළ වායුවක් ගොඩනැගීම නිසා එය පුපුරා ගිය බවට තමන් විශ්වාස කරන බවත්ය.
ගරාජයේ සිටි කම්කරුවන් නිතිපතා බැරලයට නැඟ එය ඔවුන්ගේ පින්තාරු කිරීමේ කාර්යය සඳහා පැදියක් ලෙස භාවිත කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස පියන තදවී ඇති බවද හෙළිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart