
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය දෙසැම්බර් 28 වැනිදා කොල්ලුපිටිය පොලිසියේ තරුණයන් දෙදෙනකු අනවසරයෙන් නවතා සෝදිසි කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන්නෝ ඊයේ සිය පිළිකුල ප්‍රකාශ කළහ.
මෙලෙස මහජන විරෝධය පැනනැගුණේ තරුණයකුගේ පියකු විසින් තම පුත්‍රයාට සිදු වූ හිරිහැර විස්තර කරමින් බෙදාහරින ලද පණිවිඩයක් හේතුවෙනි.
එම පණිවිඩයට අනුව කොල්ලුපිටිය හන්දියේ පොලිස් මුරපොළක සිටි පොලිස් නිලධාරීන් එදින රාත්‍රී 8.45 ට පමණ අදාළ තරුණයන් දෙදෙනා සහ කාන්තාවක ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථය නවතා ඇත.
ජෙරල්ඩ් ද සේරම් නමැති පියා පොලිසියට චෝදනා කර ඇත්තේ, තම පුතාගේ සිරුරු පරීක්ෂාවක් ආරම්භ කර, ඔවුන් දෙදෙනාගේ මුදල් පසුම්බි ඇතුළු පෞද්ගලික බඩු බාහිරාදිය පදික වේදිකාවට විසිකළ බව පවසමිනි.
ඔහු පවසන පරිදි සෝදිසි කිරීම සිදුකරන්නේ ඇයිද යන්න පිළිබඳව පොලිසිය කිසිදු හේතුවක් දක්වා නොතිබිණි.
අදාළ පොලිස් භටයන් තම පුතාව දැඩි ලෙස පරීක්ෂා කිරීමට ගොස් එම ක්‍රියාවලියේදී ඔහුට පහරදුන් බව ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් ද මෙම සිද්ධියේදී පොලිසියේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් ප්‍රකාශ කර ඇත.
“මෙම බිහිසුණු හැසිරීම අයිස් කන්දේ කෙළවරක් පමණි, සමහර පොලිස් නිලධාරීන් විසින් සිවිල් වැසියන් බියගැන්වීමට සහ ම්ලේච්ඡත්වයට පත්කරන්නේ කෙසේද, ඔවුන්ගේ වෘත්තීය නොවන හැසිරීම පොලිසියේ කළු පැල්ලමක් වේ. පුරවැසියන්ගේ යහපැවැත්මට සහ ආරක්ෂාවට තර්ජනයක් වන ම්ලේච්ඡත්වයේ සහ දණ්ඩමුක්තියේ ක්‍රියාවන් පාලනය කළ නොහැකි පොලිස් බලකායක් පිළිබඳ මෙය තවත් උදාහරණයකි. අවාසනාවකට මෙන්, ඉහළම මට්ටමේ සිටින ඔවුන්ගේ සමහර ප්‍රධානීන්ගේ හැසිරීම මෙවැනි හැසිරීම් අනුමත කර දිරිමත් කරන බව පෙනේ ”ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart