
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ සබන් සොරකම් කළ තොග ගබඩා සේවකයකු කොස්මෝදර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුතු සබන් මෙලෙස මෙම සැකකාර සේවකයා විසින් සොරාගෙන ඇති බව පොලීසිය පවසයි.
සොරාගත් සබන් විවිධ ස්ථානවලට විකුණා ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර, ඒවා සොයා කොස්මෝදර පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර සේවකයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart