
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ සිට මහනුවර බලා ඊයේ (30) පෙ.ව.10.40 ධාවනය වූ දුම්රියේ රියැදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසීරී දුම්රිය මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොළ පෙදෙසේ ස්ථානයක නවතා දුම්රියෙන් බැස පළායද්දී දුම්රියේ සිටි මගීහු ලුහුබැද ගොස් අල්ලා දුම්රිය සහායක රියැදුරා යොදවා දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට ධාවනය කිරිපිට කටයුතු කළහ.
පසුව එම බීමත් රියදුරාව දුම්රිය ප්‍රවාහන පරීක්ෂක නිලධාරියා විසින් මාර්ගයෙන් දුම්රිය ආරක්ෂක අංශයට බාරදීමට පියවර ගනු ලැබිණි.
මෙම සිද්ධිය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාටද මගීන් හරහා පැමිණිලි කිරිමෙන් පසු නාවලපිටිය දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයාටද දැනුම් දී අදාළ රියැදුරාට එරෙහිව දුම්රිය ආරක්ෂක අංශය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරගෙන යන බව දුම්රිය ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
මෙම සිද්ධිය නිසා කොළඹ සිට පැමිණි දුම්රියේ මගීන් ද කලබලයට පත්ව ඇත.
මෙම දුම්රිය මහනුවරට ළඟාවීමට නියමිතව තිබුණේ ප.ව.1.40ට වුවත් දුම්රිය පැමිණ ඇත්තේ සවස 2.30ට බව මගීහු පැවසුහ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart