
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බහුදින ධීවර යාත්‍රාවක් නීතිවිරෝධී ලෙස සීෂෙල්ස් හි මුහුදු සීමාවට ඇතුළු වීම හේතුවෙන් එය අත්අඩංගුවට ගැනීමෙන් පසු ගිනි තබා ඇති බව වාර්තා වේ.
‘ඒෂිනි දුව’ බහුදින ධීවර යාත්‍රාව දෙසැම්බර් 7වැනිදා වෙන්නප්පුවේ වෙල්ලමන්කර ධීවර වරායෙන් පිටත් වී තිබිණි.
දෙසැම්බර් 30 වැනිදා එම යාත්‍රාව සීෂෙල්ස් බලධාරීන් විසින් රඳවා ගනු ලැබීය.
මෝරෙකු ඇල්ලීම සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලයට චෝදනා ද එල්ල විය.
සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් එය අත්අඩංගුවට ගෙන ඩීසල් ලීටර් 10,000ක් සමඟ මුහුදේදී ගිනි තබා ඇති බව යාත්‍රාවේ හිමිකරු සුසිල් ප්‍රනාන්දු පැවසීය.
යාත්‍රාවේ කපිතාන් දෙසැම්බර් 25 වැනිදා තමාට කතා කළ බවත්, ඔවුන් සීමාවන් තුළ සිටින බවත්, මසුන් ඇල්ලීමේ නිරතව සිටින බවත් පැවසූ නමුත් තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් පසුව සම්බන්ධතා අහිම්වූ බව ප්‍රනාන්දු පැවසීය.
“සීෂෙල්ස් හි මුහුදු සීමාවන් උල්ලංඝනය කිරීම නිසා ට්‍රෝලර් යාත්‍රාව සහ කාර්ය මණ්ඩලය අත්අඩංගුවට ගෙන ඇති බව පසුව මට දැනගන්නට ලැබුණා . නමුත් යාත්‍රාව ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කරලා,” ඔහු පැවසීය.
හිමිකරු පැවසුවේ මෙම ක්‍රියාව කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවයි.
“මුහුද මැදදී නැවකට ගිනි තබා විනාශ කිරීම අපරාධයක්. අපි මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන්නේ නැහැ, වැරැද්දක් කළොත් දඬුවම් දිය යුතුයි,” ඔහු පැවසීය.
“අපි රුපියල් මිලියන 4-5ක වියදමින් නව යාත්‍රාවක් හදලා ධීවර කටයුතුවල යෙදීමට ඉන්ධන සහ අනෙකුත් පහසුකම් සඳහා රුපියල් මිලියන 5කට වඩා වියදම් කළා,” යනුවෙන් සඳහන් කරමින් මේ සඳහා යුක්තිය අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
“යාත්‍රාව කිසියම් සමුද්‍ර කලාප නීති උල්ලංඝනය කර තිබුණත්, සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකායට ඩීසල් ලීටර් 10,000ක් රැගත් විශාල යාත්‍රාවකට මහ මුහුද මැදදී ගිනි තැබිය නොහැකියි.” යනුවෙන් ද ඔහු පැවසීය.
ධීවර අමාත්‍යාංශයේ මෙහෙයුම් අංශයේ සහකාර අධ්යක්ෂ උදිත ගම්හේවා පැවසුවේ ධීවරයන් තවමත් සීෂෙල්ස් හි සිටින බව තමා දන්නා නමුත් ඔවුන් සම්බන්ධයෙන් වෙනත් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද යන්න නොදන්නා බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart