
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගලගෙදර පොලිස් වසමට අයත් කහපත්වෙල ප්‍රදේශයේ පිහිටි පැරණි ප්‍රභූ බංගලාවක නඩත්තු කටයුතුවල නිරතව සිටි කම්කරුවන් පිරිසකට, විවිධ ගිනිඅවි, පිස්තෝල සහ ස්වයංක්‍රීය ගිනිඅවි සඳහා භාවිත කරන පතරොම් 3,711 ක් හමු වී තිබේ.
අදාළ භූමියේ තිබූ කොන්ක්‍රීට් කර වසාදමා තිබූ වලක් හාරමින් සිටියදී කම්කරුවන් විසින් මෙම පතරොම් තොගය සොයාගෙන ඇති අතර, එහි තිබී ගිනිඅවි ගබඩා කරන පෙට්ටි 4 ක්ද හමු වී ඇත.
පසුව මෙම බංගලාවේ හිමිකාර ව්‍යාපාරිකයා විසින් ඒ පිළිබඳව ගලගෙදර පොලිසිය දැනුවත් කර ඇති අතර, ස්ථානීය පරීක්ෂාව සිදුකළ පොලිසිය විසින් පතරොම් තොගය සහ ගබඩා පෙට්ටි පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රභූ පවුලක සාමාජිකයකුගෙන් 2022 වසරේදී මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් මෙම බංගලාව මිලදීගෙන ඇති බවයි.
මෙම පතරොම් තොගයේ ආරම්භය, එහි අයිතිය සහ ඒවා එම ස්ථානයේ සඟවා තිබූ ආකාරය සම්බන්ධයෙන් ගලගෙදර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
සිද්ධියට අදාළ කරුණු ඉදිරියේදී අදාළ අධිකරණය වෙත වාර්තා කිරීමටද පොලිසිය නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart