
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුතුර්, චිත්තන්තෙට්ටි ප්රදේශයේ මහාපරිමාණයෙන් සිදුවූ නීතිවිරෝධී වැලි ජාවාරමක් වැටළීමට ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) සැරයන්වරයකු අවාසනාවන්ත ලෙස මහවැලි ගඟට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස දිවි අහිමි වී ඇත්තේ කන්තලේ, සූරියපුර STF කඳවුරට අනුයුක්තව සේවය කළ 41 හැවිරිදි වියේ පසුවූ නිලධාරියෙකි.
පෙරේදා (12) රාත්රී 7.00 ට පමණ නිලධාරීන් හයදෙනෙකුගෙන් යුත් විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් මෙම වැටළීම සඳහා පිටත්ව ගොස් ඇත.
වැටළීම සිදුකරන අවස්ථාවේදී ඇතිවූ අත්වැරදීමකින් හෝ අනපේක්ෂිත තත්ත්වයක් හේතුවෙන් මෙම සැරයන්වරයා මහවැලි ගඟට වැටී තිබේ.
සැඩ පහරට හසුවූ නිලධාරියා ‘නඩවුත්තු’ ප්රදේශයට ගසාගෙන යන්නට ඇති බවට සැකකළ අතර, නාවික හමුදා කිමිදුම්කරුවන් වහාම සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.
ඊයේ උදෑසන සිදුකළ දැඩි වෙහෙසකර සෝදිසියකින් පසු සැරයන්වරයාගේ මළසිරුර නාවික හමුදාව විසින් සොයාගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් මුතුර් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart