
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ බොරලැස්ගමුවේදී සිදුවූ මාරක වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු කළුබෝවිල කඳවුරේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව, අද අලුයම ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකුට වෙඩිතබා ඇති අතර ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇත.
බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් උදෑසන දෙහිවල සහ රත්මලාන ප්‍රදේශයන්හි සිදු කළ වැටළීම් වලදී අපරාධයට ආධාර සහ අනුබල දුන් බව කියන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 19 සහ 20 වයස්වල පසුවන සැකකරුවන් එම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට භාරදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart