
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
භාණ්ඩ මිල පාලනය කිරීම සහ නියාමනය කිරීමේ පියවරක් ලෙස දිවයිනේ සියලුම කඩ සාප්තු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යටතේ ලියාපදිංචි කිරීමට පියවර ගනිමින් සිටින බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
විවිධ වෙළඳසැල්වල භාණ්ඩ මිල එකිනෙකට වෙනස් වන බැවින් සියලුම වෙළඳසැල්වල මිල ගණන් නියාමනය කිරීම දැනට දුෂ්කර වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
“එක ළඟ පිහිටි කඩ සාප්පු දෙකක පවා භාණ්ඩ මිල එකිනෙකට වෙනස් බව පැහැදිලියි. පාලන මිලක් නියම කර ඇති භාණ්ඩවලට හැර අනෙකුත් සියලුම භාණ්ඩවල මිල ගණන් සම්බන්ධයෙන් අපට පියවර ගත නොහැකි තත්ත්වයක් තිබෙනවා” යැයිද ඔහු පැවසීය.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ, මීට විසඳුමක් ලෙස සියලුම වෙළඳසැල් පාරිභෝගික අධිකාරිය යටතේ ලියාපදිංචි කිරීමට යෝජනාවක් ලැබී ඇති අතර ඒ පිළිබඳව මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවයි.
“ඉන්ධන මිල වැඩි වූ වහාම භාණ්ඩ මිල ඉහළ යන නමුත්, ඉන්ධන මිල අඩු කරන විට භාණ්ඩ මිල අඩු නොවන බව අප නිරීක්ෂණය කර තිබෙනවා. කඩ සාප්පු පාරිභෝගික අධිකාරිය යටතේ ලියාපදිංචි කිරීමෙන් පසු මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ස්ථාවර ක්‍රමවේදයක් හඳුන්වාදීමට අප සැලසුම් කරමින් සිටිනවා” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart