Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
16 හැවිරිදි දැරියක් නෙළුම් කුළුණෙන් පැන මියයෑමේ ඛේදනීය සිද්ධියෙන් පසු දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස මානසික සෞඛ්‍ය විශේෂඥයෝ මව්පියන්ගෙන් ඉල්ලා සිටිති.
මනෝ වෛද්‍ය විශේෂඥ සමන් වීරවර්ධන අවධාරණය කරන්නේ නව යොවුන් වියේ පසුවන්නන් නිහඬව අරගල කරන බැවින් මානසික අවපීඩනයේ සලකුණු කල්තියා හඳුනාගැනීම වැදගත් බවයි.
“මිතුරන් සහ පවුලේ අයගෙන් ඈත්වීම, හදිසි මනෝභාවයන් වෙනස් වීම වැනි තම දරුවාගේ හැසිරීම්වල තීරණාත්මක ඉඟි සම්බන්ධයෙන්ව මව්පියන් දැනුවත් වීම අවශ්‍යයි,” යනුවෙන් විශේෂඥ වෛද්‍ය වීරවර්ධන පෙන්වා දුන්නේය.
සති දෙකකට වඩා වැඩි කාලයක් පවතින නොනවතින දුක හෝ කෝපය, විනෝදාංශ හෝ සමාජගත වීමට ඇති උනන්දුව අඩුවීම සහ නින්දේ රටාවේ හදිසි වෙනස්වීම්, ආහාර රුචිය හෝ පාසල් කාර්ය සාධනය ගැන ද අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් කරයි.
බලාපොරොත්තු සුන්වීම හෝ ජීවිතයෙන් පැන යෑමට අවශ්‍ය වීම පිළිබඳ කතා නොසළකා හැරිය යුතු නැති බටව ද ඔහු අනතුරු අඟවයි.
“දරුවන් සමඟ විවෘතව අදහස් හුවමාරු කර ගැනීමත් ඉතා වැදගත්. මව්පියන් තම දරුවන්ට ඔවුන්ගේ හැඟීම් ගැන කතා කිරීමට ආරක්ෂිත යැයි හැඟෙන පරිසරයක් නිර්මාණය කළ යුතුය,” යනුවෙන් විශේෂඥ වෛද්‍ය පැහැදිලි කර දෙයි.
තම දරුවන් තුළ කිසියම් වෙනසක් දුටුවහොත් විශේෂ අවධානයක් යොමු කරන ලෙස හෝ ‘1926’ ක්ෂණික ඇමතුම් අංකයට සම්බන්ධ වන ලෙස ඔහු මව්පියන්ගෙන් ඉල්ලා සිටියේය.
දරුවන්ට අවශ්‍ය සහාය නිසි වේලාවට ලැබෙන්නේ නම් මෙවැනි ඛේදවාචක වළක්වා ගත හැකි බව විශේෂඥ වෛද්‍ය වීරවර්ධන වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart